Posts

Admin Talks

ඉතින් කාලෙකින් කතා බහ කරන්නෙ. මේ ලිපිය දාන්න හිතුනෙ හේතු කීපයක් නිසයි. මේක කියවන්න ඕන්නෑ. වෙලාවක් තියෙනව නං කියවන්න.

චැනල් එකේ සබ් බැහැල කියල මට මේ ළඟදි දවසක යාලුවෙක් කිව්ව. ඒ යාලුව ඒක කිව්වට පස්සෙයි මටත් මීටර් උනේ. ඇත්තටම මට කාවටත් ඡෝදනා කරන්න බෑ ඒකට. අපි ගිය අවුරුද්දෙ චැනල් එක තාවකාලිකව නැවැත්තුවට පස්සෙත් ගොඩක් දෙනෙක් අඩු උනා. දැනුත් අඩු උනා.

චැනල් එකේ සබ් වැඩි නොවෙන්න හේතුව , අපි ඇඩ් පළ කරන්නැති නිසා. චැනල් එකේ ඇඩ්වටයිසින් පැත්ත බලාගන්න බුවාටත් , රස්සාවක් සෙට් වෙලා මිනිහට දැන් වෙලාවක් නෑ. මමත් වැඩ අස්සෙ මේකෙ පෝස්ට් හතරක් අමාරුවෙන් දාගන්නෙ.

චැනල් එකේ ඉඳල හිටල හරි ඇඩ් වැටෙන්නෙ , ඒ චැනල් වලින් අපිව කන්ටැක්ට් කරගත්ත නිසා. මට ඇඩ් දාන්න කතා කර කර යන්න වෙලාවක් නැති නිසයි මම ඒකට උනන්දුවක් දක්වන්නැත්තෙ.

චැනල් එකේ ඇඩ්වටයිසින් පැත්ත බලාගන්න කැමති කෙනෙක් ඉන්නව නං ,  මට පොඩ්ඩක් කියන්න. (@DrgNo)

අනිත් කාරණය චැනල් එක සම්බන්ධව.

LearnBits කියන චැනල් එක හැදුවෙ කාටවත් වැඩකට නැති facts දාන්නවත් , වෛවාරණ කාලෙන් කාලෙට හිට් වෙන ඒව පළකරන්නවත් නෙවෙයි. LearnBits කියන චැනල් එක හැදුවෙ කෙනෙක්ට යමක් ඉගෙන ගන්න අවශ්‍ය දේවල් සපයන්න.

කොටින්ම LearnBits තුළ පළ වෙන හැමදේමවත් ඔයා සලකන්න ඕන්නෑ. උදාහරණයකට , තල්මසාගෙ දිව අලියෙක් තරන් බර උනත් නැති උනත් , ඒකෙන් ඔයාට කිසිම බලපෑමක් නෑ. ඒ වගේ දේවල් ඒ වෙලාවට කියවල , දැනගන්න. නැතුව මහා බරක් දාල මතක තියාගන්න එපා.

නමුත් life tips , psychology , english , education , relationship tips , sayings වගේ කාණ්ඩයන්ගෙන් පළ වෙන ඒවට වැඩි අවධානයක් දෙන්න. ඒ , ඒ දේවල් වලින් ගත යුතු යමක් තියෙන නිසා.

අනිත් දේවල් සීරියස් ගන්න එපා. නිකං එවෙලට කියවල දාන්න. එච්චරයි.

කෙනෙක් මගෙන් මේ ගැන අහපු නිසයි මම ඒක කිව්වෙ.

අවසන් කාරණය විදිහට , මම design , story topic දෙක මගෙ චැනල් දෙකක් යටතට ගත්තා. (DrgNo Writing , DrgNo Design). ඕනෙ කෙනෙක් ඉන්නව නං join වෙන්න.

චැනල් එකෙ event මුකුත් තියන්න වෙන්නෑ මේ අවුරුද්දෙත්. මම තාම ඒලෙවල් කරනව. (2nd). 2022 තිබ්බ එකේ , එක සබ්ජෙක්ට් එකකට මට යන්න බැරි උනා. මේ පාර ආපහු ලියන්න මූලිකම හේතුව ඒක.

සමහර දවස් වලට චැනල් එකේ පෝස්ට් නැති වේවි. සමහර දවසට එකක් විතරක් වගේ වැටේවි. ඒ මට වැඩ වැඩි උන දවස් වලට. ඒ නිසා මම බලාපොරොත්තු වෙනව , චැනල් එකේ ඉන්න පිරිස ඉවසිලිවන්තව කටයුතු කරාවි කියල.

සබ්ස් බහින එක ගැටලුවක් නෙවෙයි මට. ඒත් සබ්ස් , රිඇක්ශන් , පෝස්ට් වීව්ස් වැඩි වෙනකොට මටත් සතුටුයි. නමුත් මම බලකරන්නෑ ඒ කිසිම දේකට. ඔයාලට සම්පූර්ණ අයිතිය තියෙනව ඒ මුකුත් නොකර චැනල් එකේ පළ වෙන දේවල් කියවන්න.

මම දැනට සමහර චැනල් වලට , මමම ලියපු දේවල් (Life Tips , Writer) ලබාදෙනව. මම මගෙ නමක්වත් සඳහන් කරල නෑ ඒවගෙ. ඒ නිසා ඒ චැනල් වලට ඡෝදනා කරන්න යන්න එපා. කෙනෙක් මේ ලඟදි මට කිව්ව එහෙම චැනල් එකක් LearnBits එකේ පෝස්ට් උස්සල දාල කියල. ඒකයි මම මේ දේ ගැන කිව්වෙ.

එහෙනං පස්සෙ තව ටිකක් කතා කරමු. ඔයාලගෙ ඕනෙම ගැටලුවක් පොදුවේ හෝ පෞද්ගලිකව මට කියන්න. මම හැකි ආකාරයෙන් උදව් කරන්නම්...

තෙරුවන් සරණයි...! ජය වේවා...!

Post a Comment